උද්දීප්‍ය ආන්ත්‍රික සහලක්ෂණය

ඔබ වෛද්‍යවරයා හමුවූ පසු සිදු වන්නේ කුමක්ද

ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබගේ රෝග ලක්ෂණ පිළිබඳව පහත ආකාරයට ප්‍රශ්න කරනු ඇත:

  • ඔබගේ රෝග ලක්ෂණ මොනවාද යන්න
  • ඒවා ඇතිවන නැතිවන ස්වභාවයක් තිබෙනවා ද යන්න
  • කොපමණ කලකට වරක් ඒවා ඇතිවනවාද යන්න
  • ඔබට ඒවා ඇති වන්නේ කුමන අවස්ථාවලදී ද යන්න(උදාහරණයක් ලෙස සමහර ආහාර වර්ග ගැනීමෙන් පසුව)
  • කොපමණ කලක් පුරාවට ඔබට එම ලක්ෂණ පවතීද යන්න

ඔබේ දැනුමට- ඔබ වෛද්‍යවරයා හමුවීමට පෙර ඔබගේ රෝග ලක්ෂණ පිළිබඳ විස්තර ලියා ගෙන යාමෙන් ඔබට ඒවා මතක තබා ගැනීමට පහසුවක් වනු ඇත. ගෙඩි හෝ ඉදිමුම් සහිත ස්වභාවයක් ඇත්දැයි, ඔබගේ වෛද්‍යවරයා විසින්ද ඔබගේ උදරය පරීක්ෂා කරනු ඇත.

උද්දීප්‍ය ආන්ත්‍රික සහලක්ෂණය (Irritable bowel syndrome)(IBS) රෝගය සඳහා පරීක්ෂා

මෙම රෝගය පරීක්ෂා කිරීමට නිශ්චිත පරීක්ෂාවක් නොමැත. නමුත් මීට සමාන රෝග ලක්ෂණ ඇති අනෙත් හේතුවක් නොවන බවට තහවුරු කර ගැනීමට ඔබට පරීක්ෂා කිහිපයක් කිරීමට අවශ්‍ය විය හැකිය. ඔබගේ වෛද්‍යවරයා විසින්:

  • සීලියැක් රෝගය (coeliac disease) වැනි රෝගයක් නොවන බව තහවුරු කර ගැනීමට රුධිර පරීක්ෂාවක් සිදුකරනු ඇත
  • ආසාදන තත්ව සහ ආසාදිත ආන්ත්‍රික රෝගය / (Inflammatory bowel disease) (IBD) දැයි පරීක්ෂා කිරීමට මල පහ පරීක්ෂාවක් සිදුකරනු ඇත

ඔබගේ වෛද්‍යවරයාට ඔබගේ ගැටලුව කුමක්දැයි තහවුරු කර ගැනීමට නොහැකි වුව හොත් හැර, සාමාන්‍යයෙන් රෝහල තුලදී මීට අමතර පරීක්ෂා ඔබට අවශ්‍ය නොවනු ඇත.

ඔබට උද්දීප්‍ය ආන්ත්‍රික සහලක්ෂණය වැලදී ඇතිබවට විනිශ්චය කල පසු,

ඔබට උද්දීප්‍ය ආන්ත්‍රික සහලක්ෂණය (IBS) ඇතැයි ඔබගේ වෛද්‍යවරයා සිතනවා නම්, ඔහු විසින් ඔබට එම රෝගය පිළිබඳව විස්තර සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව විස්තර කර දෙනු ඇත. ඔවුන් පවසන සියලු දේ ග්‍රහනය කර ගැනීම ඔබට අපහසු වනු ඇත. ඔබට පසුව යම් අපහැදිලි තාවයක් ඇතිවූයේ නම්, ඔබගේ ගැටලු ලියා තබාගෙන, නැවත වෛද්‍යවරයා හමුවී විසදා ගන්න.